ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති අයට 'අශාන් පුතා' කියා දෙන ජීවිත පාඩම
විශේෂ අවශ්‍යතා ඇති තත්ත්වයන් කොතරම් තිබුණ ද තමන්ට කළ හැකි එක් දෙයක් හෝ පවතින බැවින් ඒ දේ හඳුනාගෙන ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණදිය යුතු බව ජාඇල, කුඩහකපොළ ජීවත් වන අශාන් ජනිත් දිල්ෂාන් සේනාධීර දරුවා බිබීසී සිංහල සේවයට කියා සිටියේය.
උපතින්ම අස්ථි බිඳීමේ රෝගයෙන් පීඩා විඳින, ඇවිදීමට හෝ තමන්ගේ දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මේ දිනවල සුදානම් වේ.
පෙර පාසල් අධ්‍යාපනයේ සිට තුන්වෙනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස් නොමැති ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවසරය මත වාර විභාගවලට පමණක් පෙනී සිටියේය.
එම දරුවා 2015 වසරේදී ලකුණු 162ක් ලබා ගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අතරින් දිවයිනේ දෙවෙනියා බවට පත් වෙමිනි.
රෝගී තත්ත්වය හේතුවෙන් නිසි පරිදි පාසල් යාමට නොහැකි වුව ද අශාන් ජනිත් දිල්ෂාන් සේනාධීර දරුවා හයවෙනි ශ්‍රේණියේ සිට සෑම වාර විභාගයකදීම පංතියේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇති අතර විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වී ජයග්‍රහණ ලබා තිබීම ද විශේෂත්වයකි.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර
මේ ගැනත් දැනගන්න: