ශ්‍රී ලංකාව: සාගර දුෂණයට එරෙහිව සටන් කරන 'ශ්‍රී ලංකාවේ ළාබාල කිමිදුම්කාරිය'

ශ්‍රී ලංකාව: සාගර දුෂණයට එරෙහිව සටන් කරන 'ශ්‍රී ලංකාවේ ළාබාල කිමිදුම්කාරිය'

සාගර පතුලේ දක්නට ලැබෙන විශ්මිත ලෝකය රැක ගැනීම සඳහා වැඩිහිටියන් මීට වඩා අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව, වයස අවුරුදු 10දී අන්තර්ජාතික කිමිදුම් සහතිකයක් (PADI -Professional Association of Diving Instructors) හිමි කරගත් ඇම්බර් රෝස් මාතරගේ දැරිය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

සාගර විද්‍යාඥවරියක් වීමට සිහින දකින ඇය 2021 පෙබරවාරි මාසයේදී PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය හිමි කර ගත්තාය.

එම ප්‍රවීණතාව ලබාගත් ශ්‍රී ලංකාවේ 'ළාබාලම' දැරිය ඇය බව තමන් විශ්වාස කරන්නේ යැයි ඇගේ පුහුණුකරු ෂර්ලි කෝරලගේ බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී පැවසුවේය.

ඒ පිළිබඳව කළ විමසීමකදී PADI ආසියානු-පැසිෆික් ප්‍රාදේශීය කළමණාකරු රොබට් ජේ ස්කැම්මෙල් කියා සිටියේ ලාබාල අවධියේදී විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය දිනාගත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනා අතරින් ඇම්බර් රෝස් මාතරගේ එක් අයෙකු වන බව තමන්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ හැකි බවය.

''සාගර ලොවේ සන්නාම තානාපතිවරුන් වීම සඳහා කිමිදීම ඉගැනීමට උනන්දුවක් දක්වන දරුවන් ඔවුන්ගේ ප්‍රජාවන් තිරසර අනාගතයක් සඳහා පෙළඹ වීම ගැන අපි අතිශයින්ම සතුටු වන්නෙමු.'' යනුවෙන් රොබට් ජේ ස්කැම්මෙල් වැඩිදුරටත් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

නිෂ්පාදනය/කැමරාකරණය/සංස්කරණය : ෂර්ලි උපුල් කුමාර

මේ ගැනත් දැනගන්න: