හිටපු හමුදාපතිට 'කොන්දේසි විරහිත නිදහසක්'

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා Image copyright BBC World Service

හිටපු හමුදාපතිවරයා නිදහස් කරන බවට පැතිර යන ජනමාධ්‍ය වාර්තා තහවුරු කිරීමට හැකියාවක් නැති බව ඔහුගේ බිරිඳ කියා සිටියි. ඉන්දියාවේ පළවන හින්දු පුවත් පත වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ලද ප්‍රකාශයක් පිළිබඳව සංදේශය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ, "අපට කවුරුත් තවම කියල නැහැ. ඒත්, මේ පිළිබඳව සාකච්චා සඳහා ටිරාන් අලස් යෙදී ඉන්නවා" යනුවෙන්.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම සඳහා රජය කොන්දේසි පනවා ඇති ද යන්න පිළිබඳව තමාට අවබෝධයක් නැතැයිද අනෝමා ෆොන්සේකා කියා සිටියි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තමන් බලාපොරොත්තු වන්නේ කොන්දේසි විරහිත නිදහසක් යැයි ඇය පැවසුවාය.

කෙසේ වුවද නිදහසෙන් පසු යළිත් දේශපාලන ක්‍ෂ්ත්‍රයට අවතීර්ණ වන්නේද යන තීරණය ගැනීම තම සැමියාට භාර කාර්යයක් බවයි ඇය පවසන්නේ.

අඟහරුවාදා නිකුත් වූ හින්දු පුවත් පතෙහි පලවූ පුවතකින් කියවුනේ හිටපු හමුදාපති වරයා නිදහස් කිරීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා ජනාධිපති වරයා ඉන්දීය මාධ්‍යවේදියෙකුට ප්‍රකාශ කළ බවයි. මේ පිළිබඳව නිල ප්‍රකාශයක් රජයෙන් නිකුත් කර නැහැ.