සෝමරතන හිමියන්ට වසර හතක සිර දඬුවම්

Pahalagama Somaratana Thera
Image caption සෝමරතන හිමියන්ට මින් මතුවට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම්

බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු කෙරුන ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ට ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම විය.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව පසුගිය මැයි මාසයේදී අධිකරණය තීන්දු කළේය.

එහෙත් එහිමියන්ට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරදි කරු බවයි, අධිකරණයේ නිගමනය වූයේ.

පහලගම සෝමරතන හිමියන් ගේ නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කළ බව අධිකරණයේ ප්‍රකාශිකාවක බීබීසී සංදේශයට සඳහන් කළාය.

එමෙන්ම මින් මතුවට සෝමරතන හිමියන්ට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කරන ලද බවත් එම ප්‍රකාශිකාව කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර