ජනපති ඇමතීමට සිටි ලන්ඩන් සැසිය අවලංගුයි

Invitation for the event Image copyright cweg
Image caption මුළුව සඳහා වූ ඇරියුම් පත

ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථික මුළුවේදී බ්‍රිතාන්‍ය රැජිනගේ වජ්‍ර ජයන්ති සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පැවැත්වීමට නියමිතව තිබුණු දේශනය ඇතුළු උදා වරුවේ සැසිය අවලංගු කොට තිබේ.

"තත්ත්වය ඉතා ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව" මෙම තීරණයට එළැඹි බව පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික මණ්ඩලය අඟහරුවාදා සවස් යාමයේ නිවේදනය කළේය.

"ගෝලීය සෞභාග්‍යය සහ තිරසාර වර්ධනය සඳහා ධනවාදය හැඩ ගැස්වීම" යන මාතෘකාව යටතේ පැවැත්වීමට සැලසුම් කොට තිබූ මුළුවේදී උදෑසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්ද එම සැසියට සහභාගිවීමට නියමිතව සිටියේය.

කෙසේ වුවද සවස් භාගයේ සහ පසුදා නියමිත වැඩ කටයුතු සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවද පොදු රාජ්‍ය මණ්ඩලයීය නිවේදනයේ සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර