රෝහලට ගෙන එන විටත් සිරකරු මියගොස්

colombo prison Image copyright bbc
Image caption colombo prison

වව්නියා බන්ධනාගාරයේ ගැටුම් වලින් පසු තුවාල ලැබූ සිරකරුවන්අතරින් ප්‍රතිකාර සඳහා ගෙනආ තැනැත්තා රෝහලට ඇතුලත් කරන විටද මියගොස් සිටි බව රාගම රෝහල් බලධාරීහු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළහ.

බදාදා උදෑසන හයට පමණ තමන් වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් මළ සිරුරක් භාරදෙනු ලැබූ බව රෝහල් නිලධාරීහු ප්‍රකාශ කළහ .

මියගිය පුද්ගලයා වවුනියාවේ නෙළුම්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල රුබන් නම් අයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර, බරපතල ලෙස තුවාල ලැබූ තවත් සිරකරුවෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රාගම රෝහල් බලධාරීහු කියා සිටියහ.

මේ පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් කියා සිටියේ මොහුගේ මරණය පිලිබඳ පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතු බවයි.