බ්‍රිතාන්‍ය අගමැතිගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකට නඩු

Andy Coulson (L) and Rebekkah Brooks Image copyright s
Image caption පුවත් පතේ කතුවරිය වූ රෙබෙකා බ්රූක්ස් ඇතුළු තවත් හය දෙනෙකුට මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට නියමිතයි

බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා වන ඇන්ඩි කූල්සන් ට දුරකථන වලට හොරෙන් සවන් දීම පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

දුරකථන වලට හොරෙන් සවන් දීම පිළිබඳව තොරතුරු හෙළිදරව් වීමෙන් අනතුරුව නිවුස් ඔෆ් ද වර්ල්ඩ් පුවත් පත වසා දැමුනේය.

මේ පුවත් පත පල කරනු ලැබුවේ රූපට් මර්ඩොක් ගේ මාධ්‍ය සමාගම මගින්.

නිවුස් ඔෆ් ද වර්ල්ඩ්, පුවත් පතේ කතුවරිය වූ රෙබෙකා බ්රූක්ස් ඇතුළු තවත් හය දෙනෙකුට මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට නියමිතයි.

මරා දැමුණ තරුණියක ගේ ජංගම දුරකථනයට හොරෙන් සවන් දීම පිළිබඳව විමර්ශන ආරම්භ වීමෙන් පසුව ජනප්‍රිය පුද්ගලයින් හයසීයකගේ පමණ දුරකථනයට වලට හොරෙන් සවන් දී ඇති බව හෙළිදරව් විය.