මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග රිමාන්ඩ්

මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග , මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවා අධිකාරිණියට තර්ජනය කිරීම සහ තවත් වෛද්‍ය වරයකුට පහර දීම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.

මේ සම්බන්දයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, ටිකිරි කොබ්බැකඩුව සංදේශයට ප්‍රකාශ කළේය.

"මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා මට නියෝග කලේ රාජ්‍ය සේවය කෙරෙහි ජනතාවගේ විශ්වාශය රැකෙන පරිදි අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරන ලෙසයි " ඔහු සංදේශයට පැවසුවේය.

පළාතේ වෛද්‍යවරුන් අද සෙනසුරාදා පෙරවරුවේ සිට ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් හිටුවා ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර, ටිකිරි කොබ්බැකඩුව තවදුරටත් ප්‍රකාශ කළේය.