වර්ධන වේගය අඩාල වීම ආරක්ෂාවට අහිතකරයි-මන් මෝහන් සිං

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 15 බදාදා - 16:44 GMT
ඉන්දීය අගමැති මන් මෝහන් සිං

ඉන්දීය අගමැති මන් මෝහන් සිං

ඉන්දියාවේ හැට හයවෙනි නිදහස් දින අනුස්මරණය අද (බදාදා) පැවැත්විණ.

අද නිදහස් දින සමරු උළෙල අමතා කතා කළ ඉන්දීය අගමැති මන් මෝහන් සිං, ආර්ථික වර්ධනය නංවා ලීමට නොහැකිවීම මගින් රටේ ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බව පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක් වූ ඉන්දීය නායකයා කියා සිටියේ,දේශපාලන වශයෙන් පොදු අභිමතයක් නොවීම නිසා කඩිනම් ආර්ථික වර්ධනයක් ඇති කර ලීමට ඔහුගේ ආණ්ඩුව අසමත් වුන බවයි.

අවුරුදු දහයකට ආසන්න කාල පරිච්ඡේදයක් ඇතුළත දක්නට ලැබුන පහළම ආර්ථික වර්ධන වේගයයි මේ දිනවල ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

අද නිදහස් දින සමරු වැඩ සටහන් පෙරට යමින් තිබියදී, ඉන්දීය පාලනයට එරෙහි බෙදුම්වාදී අරගලයක් පවතින ඊශාන දිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයෙන් බෝම්බ පිපිරීම් හතරක් වාර්තා විය.

ඉන්දියාවේ පවතින ව්‍යාකූල තත්වයන් වලට රටේ ඌන සංවර්ධනය හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.