පරිසර විනාශය වළක්වා ගැනීමට පරිසර බල මුළුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 18 සෙනසුරාදා - 17:46 GMT
pix : Sadhaharitha Magazine

පින්තුරය සදාහරිත සඟරාවෙනි

ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීම සඳහා දිවයිනේ පාරිසරික සංවිධාන වල ඒකාබද්ධ බල මුළුවක්, 'පරිසර සංවිධාන සම්මේලනය' යනුවෙන් පිහිටුවා ගෙන තිබේ.

'තිරසාර සංරක්ෂණයක් නැති රටක කිසිදාක තිරසාර සංවර්ධනයක් ඇති කල නොහැක' යන ආදර්ශ පාඨය පෙරටුකොටගත් එම සම්මේලනය රට පුරා ඇති පරිසර සංවිධාන නියෝජන වන පරිදි පිහිටුවන ලද ඒකාබද්ධ සංවිධානයකි.

පරිසර විනාශයට එරෙහිව නොනවතින පීඩනයක් එල්ල කිරීම තම එක අරමුණක් යයි වන පෙත් සහ රක්ෂිත පෙදෙස් පදනමේ රුක්ෂාන් ජයවර්ධන සම්මේලනය පිහුටුවීමේ අරමුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.

වසර තිහක යුද්ධයෙන් පසු සංවර්ධනයේ නාමයෙන් මතු කෙරෙන පාරිසරික ගැටළු හේතුවෙන් රට සන්ධිස්ථානයකට යොමු වී ඇතැයි

ආරම්භක උත්සවය අමතමින් සීමාසහිත පාරිසරික පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ වන සත්ව විද්‍යාඥ විමුක්ති වීරතුංග පැවසුවේය.

pix : Sadhaharitha Magazine

පින්තුරය සදාහරිත සඟරාවෙනි

සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් වලට දැඩි පීඩනයක් එල්ලවන බවත් මේ තත්ත්වය කෙතරම් දුරට වර්ධනය වී ඇත්ද කියතොත් අදාල නීතිමය තත්වයන් පවා නොතකන මට්ටමක් පවතින බව ඔහු තවදුරත් ප්‍රකාශ කළේය.

පරිසර සංවිධාන සම්මේලනය දියත් කිරීමේ උත්සවයට එක්ව සිටි කළා කීර්ති අයිරාංගනී සේරසිංහ පැවසුවේ රට හදන්නට යන පුද්ගලයන් පිළිබඳව තරුණ පිරිස් අතර හොඳ විස්වාසයක් ගොඩනැගිය යුතු බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.