ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා ජපානයේ උදව්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 25 සෙනසුරාදා - 17:48 GMT

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා ජපානයට උදව් කිරිමට ඇති හැකියාව ජපානයේ විශේස නියෝජිත යෂුෂි අකාශි ප්‍රකාශ කරයි.

කොළඹදී මාධ්‍ය වේදීන් ඇමතු යෂුෂි අකාෂි, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා සහය වීමට ඇති කැමැත්ත පලකිරීම සම්බන්ධයෙන් තම නිරීක්ෂණ විස්තර කල ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කොට ඇති යෝජනාව යලිත් විමසා බලන අවස්ථාවේදී බටහිර ජාතීන් හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සංහිදියාවක් ගොඩනැගීමට ජපානය කැමැත්තෙන් සිටින බවක් දක්නට ඇති බවයි.

එසේම ජනවාර්ගික සංහිදියාව ඇතිකිරීම සඳහා උගත් පාඩම් හා සංහිදියා කොමිෂමේ නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමත් විනිවිද පෙනෙන ආකාරයට එම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස තමා ඉල්ලා සිටින බවත් විශේෂ නියෝජිත යෂුෂි අකාෂි ප්‍රකාශ කළ බව අමල් ජයසිංහ පැවසුවේය.

කොළඹ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සෙසු දේශපාලනඥයින් සමග පැවැත් වූ සාකච්ජා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට අකාෂි ඉදිරි දින කිහිපය තුල කටයුතු කිරීමට යොමුවී තිබීම සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමල් ජයසිංහ ප්‍රකාශ කලේ එය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නගා සිටුවීමට ජපානය ගන්නා තවත් උත්සාහයක් ලෙස සැලකිය හැකි බවයි.

තමා උතුරේ කල සංචාරයේදී එහි පුනරුත්ථාපන කටයුතු දැක බලා ගත් බව පැවසූ අකාෂි මීට කලින් ඔහු උතුරේ කල සංචාර හා සසඳන විට පැහැදිලිවම ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් හොඳ ප්‍රගතියක් අත්කර ගෙන සිටින බව මාද්‍යවේදීන්ට පැවසූ බවත් ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.