මැතිවරණ නීති කඩකිරීමක් එජපය වළකියි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 1 සෙනසුරාදා - 18:29 GMT

පළාත් සභා මැතිවරණ පැවැත්වෙන දිස්ත්‍රික්ක වල කලින් පත්වීම් ලබා දුන් උපාධිදාරීන් කැඳවා, සංස්කෘතික හා කලා කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ අද පවත්වමින් තිබූ සම්මුඛ සාකච්ජා නැවැත්වීමට තමා මැදිහත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන ප්‍රකාශ කරයි.

ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව තමා මැතිවරණ කොමසාරිස් වරයාට දන්වා සංස්කෘතික හා කලා කටයුතු පිලිබඳ අමාත්‍යංශයට ගොස් ඒ ගැන සොයා බැලු බව ඔහු සංදේශයට පැවසුවේය.

තමා සෙත්සිරිපායේ අමාත්‍යංශයට යනවිට එහි අතිරේක ලේකම් වරයා සහ ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරියක සම්මුඛ සාකච්ජා සඳහා අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර,කෑගල්ල, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් පැමිණ සිටි උපාධිදාරීන් සමග සිටි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ පිළිබඳව තමන් ප්‍රශ්න කළ බව ප්‍රකාශ කළේය.

එම උපාධිදාරීන්ට නව පත්වීම් ලබාදීමක් නොව අමාත්‍යංශයේ ස්ථාන ගත කිරීම් වලට අදාළ සම්මුක සාකච්ජා පවත්වන බව තමන්ට දැන්වූ අවස්තාවේදී කුමන පදනමින් සිදු කළත් මැතිවරණයට දින කිහිපයක් තිබියදී කෙරෙන එවැනි ක්‍රියාවක් සදාචාර විරෝදී සහ මැතිවරණ නීතියයට පටහැනි බව තම පෙන්වා දුන් බව ඔහු සංදේශයට පැවසුවේය.

ඉන් අනතුරුව මැතිවරණ කොසාරිස් මහින්ද දේශප්‍රිය හමුවී ලිඛිත පැමිණිල්ලක් කළ බවත් එම අවස්ථාවේදීම සංස්කෘතික හා කලා කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ස්ථිර ලේකම් වසන්ත ඒකනායක ට දුරකතනයෙන් කථා කොට එම සම්මුඛ සාකච්ජා මැතිවරණ නීතිය කඩ කරන බව කියා සිටි බවත් ඔහු පැවසුවේය.

අදාළ පලාත්වල සම්මුඛ සාකච්ජා නවත්වන බවට ස්ථිර ලේකම්වරයා පොරොන්දු වූ බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන, මැතිවරණ කොමසාරිස් වරයා ලිඛිතව ස්ථිර ලේකම්වරයා හට උපදෙස් දෙන බව තමන්ට පැවසූ බවත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.