තවත් පන් දහස් හයසියකට සරසවි වරම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 12 බදාදා - 14:26 GMT
courts

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉසෙඩ් ලකුණු ලබා දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් මතු වී තිබෙන අර්බුදකාරී තත්වය සමනය කිරීම සඳහා අතිරේක සිසුන් පන් දහස් හයසිය නම දෙනෙක් බඳවා ගැනීමට තීරණය වී තිබේ.

නව ඉසෙඩ් ලකුණු වලට අනුව විශ්ව විද්‍යාලයට ඇතුල් වීමේ අවස්ථාව අහිමිවූ සිසුන් පිරිසක් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්තාවේදී අගවිනිසුරුවරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් නීතිපතිවරයා ඉදිරිපත් කල යෝජනාවකට අනුමැතිය පල කළහ.

මේ අනුව බඳවා ගැනීමට නියමිතව සිටි විශ්ව විද්‍යාල සිසුන් විසි එක්දහසස් පන්සීයට අමතරව මෙම සිසුන් පන් දහස් හය සිය නම දෙනා බඳවා ගැනෙනු ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විස්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ප්‍රකාශ කළේ අසාධාරණයට ලක්වූ සිසුන් ගැන තමන් කල්පනා කරන හෙයින් මේ වැඩිපුර ශිෂ්‍ය පිරිස බඳවා ගැනීමට තමන් එරෙහි නොවන බවයි.කෙසේ වෙතත් වැඩිපුර ශිෂ්‍ය පිරිසක් බඳවා ගැනීම නිසා විශ්ව විද්‍යාල තුල අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ දී දුෂ්කරතා මතු වීම නොවැලක්විය හැකි බවයි ආචාර්ය දේවසිරි පෙන්වා දුන්නේ.

" අනාගතයේදී මෙවැනි දේ සිදු නොවීම සඳහා වගකිවයුතන්ට එරෙහිව පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමක් " යැයි ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි වැඩි දුරටත් පැවසීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.