නිලධාරීන් වැදි තරුණයාට පහර දුන්නා - වැදි නායකයාගේ පුතා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 17 සඳුදා - 14:03 GMT
Uruvarige Gunabandiya (file photo)

දෙපාර්ශවය අතර ගැටුමක් හටගත් බව පිළිගන්නා ගුනබන්ඩියා, එම තරුණයා අත් අඩංගුවට ගත්තේ ගිනි අවියක් රැගෙන දඩයමේ යාම නිසා බවට නිලධාරීන් කරන චෝදනාව ප්‍රතික්ෂේප කරයි

වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් තම ගම්මානයට පැමිණ වැදි තරුණයෙක් තම කාර්යාලයට රැගෙන ගොස් ඔහුට අමානුෂික අන්දමින් පහරදී ඇතැයි වැදි රැහේ අනාගත නායකයා චෝදනා කරයි.

ඌරු වරිගේ ගුණබන්ඩියලැත්තෝ ඒ බව සඳහන් කළේ ආදිවාසීන් පිරිසක් වන සංරක්ෂණ නිළධාරීන්ගේ කාර්යාලයකට කඩා වැදී නිලධාරීන්ට පහරදීම පිළිබඳව බීබීසී සංදේශය කරුණු විමසූ අවස්ථාවේදී.

"ඉස්පිරිතාල පොජ්ජේ රඳන්නම ගුටි පොජ්ජ මන්ද කරලා තිබෙනවා. ඉතින් මේ කැකුලට මේ වාගේ ගුටි පොජ්ජ මන්ද කොලේ මොන එකටද කියන එක තමයි ගැටළු පොජ්ජ තිබෙන්නේ," ඔහු පැවසීය.

"ඉස්පිරිතාල පොජ්ජේ රඳන්නම ගුටි පොජ්ජ මන්ද කරලා තිබෙනවා. ඉතින් මේ කැකුලට මේ වාගේ ගුටි පොජ්ජ මන්ද කොලේ මොන එකටද කියන එක තමයි ගැටළු පොජ්ජ තිබෙන්නේ"

ඌරු වරිගේ ගුණබන්ඩියලැත්තෝ

වැදි නායක වන්නියලැත්තෝ සමඟ තමාත්, වැදි රැහේ තවත් පිරිසකුත් වන සංරක්ෂණ නිළධාරීන්ගේ කාර්යාලයට ගොස් එම තරුණයාට පහර දුන්නේ මන්දැයි විමසූ නමුත් නිලධාරීන් එයට කිසි පිළිතුරක් නොදුන් බවයි, වැදි නායකයාගේ දෙටු පුතා පවසන්නේ.

ඉන් අනතුරුව දෙපාර්ශවය අතර ගැටුමක් හටගත් නමුත් එම තරුණයා අත් අඩංගුවට ගත්තේ ගිනි අවියක් රැගෙන දඩයමේ යාම නිසා බවට වන සංරක්ෂණ නිලධාරීන් කරන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරයි.

"මේ කැකුල කැලෑ පොජ්ජට මන්ගච්චලවත් කොදොයි. මේ කැකුල රුකුල් පොජ්ජේ රඳනකම් තමයි මේ කණ්ඩායම් පොජ්ජ මන්ගච්චල ඒ ඇත්තෝ අල්ලුම් පොජ්ජ මන්දෝ කොරම් තිබෙන්නේ," යන්න එම චෝදනාවට ගුණබන්ඩියලැත්තන්ගේ ප්‍රතිචාරයයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ මස 21 වැනිදා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින මෙන් මහියංගන වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ආදිවාසී නායකයා සහ ඔහුගේ පුතුන් දෙදෙනකුට නියෝග කළේය.

ආදිවාසීන්ගේ පහර කෑමට ලක්වූ කේ ඩී ජනක, නානායක්කාර සහ එච් එම වසන්ත කුමාර යන වන සත්ව නියාමකවරුන් තිදෙනා මහියංගන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මාදුරු ඔය වනෝද්‍යානය භාර ඒ ටී ආර් රවීන්ද්‍ර කුමාර අධිකරණයට පැවසීය.

වැදි නායක වන්නියලැත්තෝ සහ ඔවුන්ගේ පුතුන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන මෙන් වනෝද්‍යානය භාර නිලධාරියා ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.