තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් බ්‍රිතාන්‍යයෙන් පිටමං කෙරෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 19 බදාදා - 17:01 GMT
heathrow

බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පැතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් විශේෂ ගුවන් යානයකින් කොළඹ බලා පිටත් කිරීමට ආගමන සහ විගමන බලධාරීන් කටයුතු කොට ඇති බව දැනගන්ට ඇති නමුත් පිටත් කොට යවන පුද්ගලයින් පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළිදරව් වී නැත.

දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මෙම පිරිස පිටත් කොට හරින බව බ්‍රිතාන්‍ය බලධාරීහු කියා සිටිති.

හිංසනයෙන් වැලකී සිටීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ එරික් ෆෙනට් කියා සිටින අන්දමට කොටි සංවිධානය සමග සබඳතා තිබු හෝ තිබුන බවට සැක කෙරන පුද්ගලයින් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණු විට හිංසාවට ලක් වීමට ඉඩ තිබෙන බව විමර්ශන වලින් සනාථ වී තිබේ.

ශ්‍රී ලංකාවට ආපසු යැවීමට නියමිතව සිටි පුද්ගලයෙක් රැඳවුම් මධ්‍යස්ථානයක සිට බී බී සී යට කතා කරමින් කියා සිටියේ මීට පෙර ශ්‍රී ලංකාවේ හමුදාව තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී තමන්ට දැඩිව හිංසා කළ බවයි.

" මේ පාර මාව අල්ලා ගත්තොත් හිංසා කරලා මරා දමාවි, " යැයි නම හෙළිදරව් කිරීමට අකමැති වූ මේ පුද්ගලයා පැවැසීය.

තමන් කොටි සංවිධානය වෙනුවෙන් පණිවිඩ සහ පාර්සල් එහා මෙහා ගෙන ගිය නමුත් ඒ පාර්සල් වල අඩංගු වූ දේ පිළිබඳව වැටහීමක් නොවූ බව මේ පුද්ගලයා වැඩි දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට ආපසු යැවීමට නියමිතව සිටි පුද්ගලයින් කීප දෙනකුම අවසන් මොහොතේදී වාරණ නියෝග ලබා ගැනීමට සමත් විය.

මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ කියා සිටියේ, "මේ වැඩි දෙනා ආර්ථික සංක්‍රමණිකයින් දිගටම බ්‍රිතාන්‍යයේ නතර වී සිවීම සඳහා ඒ අය උත්සහා කරාවි. ඒ වෙනුවෙන් කියන දේ විශ්වාස කිරීම හෝ නොකිරීම බ්‍රිතාන්‍යයේ කටයුත්තක්" යැයි පැවසීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.