අධිකරණ ස්වාධීනත්වය රකින්න - නීතිඥ සංගමය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 22 සෙනසුරාදා - 18:48 GMT

අධිකරණයට කෙරෙන බලපෑම් හෙළා දැකීමට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද යෝජනා දෙකක් සම්මත කර ගනු ලැබිණ.

අධිකරණ සේවා කොමිෂන් සභාවට බලපෑම් කිරීමට විරෝධය පලකිරීම සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රුපවාහිනී සේවාව විසින් අධිකරණයට එරෙහිව ගෙන යන ලද ප්‍රචාරයන් මගින් අධිකරණයට අපහාසයක් කර ඇත්දැයි සොයා බැලීමට කමිටුවක් පත් කිරීම එම යෝජනා දෙකයි.

අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ රැස්වීමට සහභාගිවූ නීතිඥ ලාල් විජේනායක සංදේශයට පැවසුවේ අධිකරණයට එල්ලවන බලපෑම් හමුවේ අධිකරණ සේවා කොමිසන් සභාවට ජනතාවට කරුණු දැක්වීම පිණිස නිවේදනයක් නිකුත් කිරීමට සිදුවූ බවයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ අධිකරණ සේවාවේ උසස්ම ආයතනය බව පැවසූ ඔහු, තමන්ට එල්ලවන බලපෑම් වල ස්වභාවය අනුව එවැනි නිවේදනයක් නිකුත් කොට ඇත්තේ ජනතාවගේ සහය නොමැතිව ඒ තත්වය වළක්වා ගැනීමට අපහසු බව තේරුම් ගෙන ඇති නිසා යැයි

පැවසුවේය.

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත බලපෑම් එල්ලවන්නේ නම් ඒ පිළිබදව පියවර නොගෙන නිවේදන නිකුත් කරමින් ඉන්නේ ඇයි දැයි පසුගියදා ලක්ෂමන් යාපා අබේවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව විමසු විට ලාල් විජේනායක නීතිඥවරයා පැවසුවේ නීති පොතේ තිබු පමණින් එල්ලවන සමහර බලපෑම් වලට එරෙහිව පියවර ගත නොහැකි බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.