අධිකරණයට එල්ලවන තර්ජන ගැන ජනතාව දැනුවත් කල යුතුයි - 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 29 සෙනසුරාදා - 18:08 GMT

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාට සහ ඔහුගේ පවුලට එල්ලවී ඇති තර්ජනය ඉතාමත්ම භයානක එකක් යැයි, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානය ප්‍රකාශ කරයි.

ඇත්ත වශයෙන්ම එය අධිකරන සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාට නොව, ලේකම් වරයා හරහා අධිකරණ සේවා කොමිෂන් සභාවට එල්ලවූ තර්ජනයක් බවයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සංදේශයට පැවසුවේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව යනු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද, අගවිනිසුරුවරයා ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් බවත්, එමනිසා මේ තර්ජනය සමස්ත අධිකරණ පද්ධතියටම එල්ල කරන ලද්දක් බවත්, නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පැවසුවේය.

රජයේ ජන මාධ්‍ය යොදා ගනිමින් අධිකරණයට කරන අපහාස වලට පිළිතුරු දීම සඳහා අධිකරණ සේවා කොමිසම් සභාව මහජනතාව දැනුවත් නොකළේ නම් එම මාධ්‍ය වාර්තා ජනතාව ඒ ආකාරයෙන්ම පිළිගන්නවා නොවේදැයි ඔහු ප්‍රශ්න කර සිටී.

ලේකම් වරයාට එරෙහිව චෝදනා ඇති බව ප්‍රකාශ කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයෙන් පසුව බව සඳහන් කළ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ ඔහුට විරුධව පියවර ගැනීමට කලින් ඉඩ කඩ තිබුණු බව පැවසුවේය.

ලේකම් වරයා පත් කොට ඇත්තෙත් ජනාධිපතිවරයා විසින් බවයි, ඔහු තව තවදුරටත් ප්‍රකාශ කළේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.