බංග්ලාදේශයේ ප්‍රහාර පොදුවේ බෞද්ධයාට එල්ල වුවක් නොවේ - ශ්‍රී ලංකා තානාපති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 6 සෙනසුරාදා - 17:06 GMT

බංග්ලාදේශයේ චිතගොන් පළාතේ බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව එල්ලවූ ප්‍රහාර පොදුවේ බෞද්ධයාට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාර සේ හුවා දැක්වීමට උත්සාහ දැරීම යුක්ති සහගත නැතැයි බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති සරත් වේරගොඩ ප්‍රකාශ කළා.

බංග්ලාදේශයේ සිදුවූ තත්වය අවබෝධ කර ගත්තා නම් ශ්‍රී ලංකාවේ හටගත් විරෝධතා ඇති නොවන බව ඔහු සදහන් කළේය.

ක්ෂණිකව එල්ලකළ ප්‍රහාර වලින් පන්සල් පහළොවකුත් ගෙවල් ගණනාවකුත් විනාශ වී ගොස් ඇති බව පැවසූ තානාපති වේරගොඩ රජය දැන් සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි ප්‍රකාශ කළේය.

දැනට විමර්ෂණ වලින් හෙළිවී ඇත්තේ ලාබාල තරුණ කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය එල්ලකොට ඇති බවක් යැයි හෙතෙම පැවසුවේය.

මේ සිද්ධීන්ට අන්තවාදී කණ්ඩායම්වල සම්බන්ධයක් තිබීමට ඇති හැකියාව ගැන රජය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය අදහස් පල කොට ඇති බවයි ශ්‍රී ලංකා තානාපති සරත් වේරගොඩ පැවසුවේ.

චිතගොන් ප්‍රදශයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු කරදරක් නොමැති බවත් ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සලසා ඇති බවත් වේරගොඩ තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික සිසුන් හත්සිය පනස් දෙනෙකු එහි අධ්‍යාපනය ලබමින් සිටින බවත් ශ්‍රී ලංකා තානාපති සරත් වේරගොඩ තවදුරත් සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.