බුරුමයේ අබිං සඳහා සිදු කෙරෙන පොපිමල් වගාව පැතිරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 31 බදාදා - 12:48 GMT

බුරුමයේ අබිං සඳහා සිදු කෙරෙන පොපිමල් වගාව

බුරුමයේ අබිං සඳහා සිදු කෙරෙන පොපිමල් වගාව පිළිවෙලින් හයවැනි අවුරුද්දටත් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එම තත්වය සඳහන් වන්නේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවකයි.

බුරුමයේ පොපිමල් වගාකරනු ලබන භූමිය සියයට දාහතකින්(17%) වැඩි වී ඇති බවයි, එම වාර්තාවේ දැක්වෙන්නේ.

පොපි වගාව බහුලව සිදු කෙරෙන කළාප පිහිටි,ශාන් (Shan ) සහ කචින්(Kachin ) යන ප්‍රාන්තවල සමාජමය අස්ථාවරභාවයට සහ අර්බුදකාරී තත්වයට පොපි හේතුවී ඇති බවයි, එක්සත් ජාතීන් කියා සිටින්නේ.

ඉතාම ලාභදායක ආදායම් මාර්ගයක් වන පොපි වගාව හැර වෙනත් විකල්පයක් ඉහත කී ප්‍රාන්තවල ජීවත්වන ගොවීන්ට නැතැයි පවසන එක්සත් ජාතීන්ගේ වාර්තාව,එසේ නිපදවනු ලබන පොපිවලින් වැඩි කොටස හෙරොයින් නිපදවීම සඳහා යෙදවෙන බවත් හෙළිකොට තිබේ.

පොපි වගාව අතින් ලෝකයේ පළමු තැන හිමිවන්නේ ඇෆ්ඝනිස්තානයට. දෙවැනි තැන හිමිකරගන්නා රට බුරුමයයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.