ඉරාන තේ ඉල්ලුම පහත බසී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 31 බදාදා - 15:37 GMT
tea

ඉරානයට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවේ තේ වෙළෙදාමට බලපාන බව අපනයනයකරුවෝ පවසති.

ප්‍රධාන පෙලේ අපනයන සමාගමක් වන ජෝන් කීල්ස් සමාගමේ ප්‍රධානියා වූ සුදත් මුණසිංහ කියා සිටියේ ඉරාන ගැනුම් කරුවන් අතර ජනප්‍රිය තේ වර්ග වලට ඇති ඉල්ලුම පහත වැටී ඇති බවයි.

ඉරාන ගැනුම්කරුවන් අතර ජනප්‍රිය තේ වර්ග වලින් සියයට තිස් පහක් පමණ පසුගිය සතියේ තේ වෙන්දේසියේ දී විකිණී ගියේ නැති බවයි සුදත් මුණසිංහ ප්‍රකාශ කළේය.

ඉරාන ගැනුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය පහත රට පළාත් වල වැවෙන මිල අධික තේ වර්ගයි.

උඩරට පළාත් වල වැවෙන තේ වර්ග රුසියානු සහ යුරෝපීය ගැනුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය වන අතර,මෙම තේ වර්ග වලට ඇති ඉල්ලුම ස්ථාවරව පවතින බව සුදත් මුණසිංහ වැඩි දුරටත් කියා සිටියේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.