විදේශීය සුපිරි වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ අනුමැතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 7 සිකුරාදා - 16:22 GMT
Indian parliament

විදේශීය සුපිරි වෙළෙඳ සමාගම්වලට තම රටතුළත්, සිල්ලර වෙළෙඳාම ආරම්භ කිරීමට අවසර දීමේ මතභේදයට තුඩු දී තිබුන සැලැස්ම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය දිනා ගැනීමට ඉන්දීය ආණ්ඩුව සමත් විය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පසුගිය අඟහරුවාදා ආණ්ඩුවේ සැලැස්ම අනුමත කළ අතර, ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවත් ඊයේ සිකුරාදා ඊට අනුමැතිය පළ කළේය.

විදේශීය සමාගම්වලට දොරටු විවෘත කිරීමේ සැලැස්මට පාර්ලිමේන්තු අනුමැතිය අත්‍යවශ්‍ය නොවන නමුත්, අදාළ පාර්ලිමේන්තු ඡන්දයෙන් පරාජය වීනම් එය ආණ්ඩුව ඉතා දුෂ්කර තත්වයක් මතු කිරීමට හේතු විය හැකිව තිබිණ.

විදේශීය බහුජාතික සමාගම්වලට දොරටු විවෘත කරනු ලැබීම ඉන්දීය දේශීය ගොවීන් සහ කුඩා වෙළෙඳුන් කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන්නේය යන්න විවේචකයන්ගේ තර්කයයි.

එහෙත් එය අත්‍යවශ්‍ය පියවරකැයි කියා සිටින ඉන්දීය ආණ්ඩුව, විදේශීය ආයෝජන රටේ ආර්ථික වර්ධනයට ඉවහල් වන බවයි පෙන්වා දෙන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.