උතුරේ ලක්ෂයකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමියි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 28 සිකුරාදා - 18:38 GMT

අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ ලක්ෂයකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමිවී ගොස් තිබේ.

වවුනියාව, මුලතිවු සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල නිවාස, පාලම, වැව් සහ මහා මාර්ග මහා වැසි වල බලපෑම නිසා විනාස වූ බව පළාත් බද බලධාරීහු පැවසුහ.

මන්නාරමට ලඟා විය හැකි සියලු මාර්ග ජලයෙන් යටවී ගොස් තිබේ. මාන්තෙයි සහ මුසෝලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක මහා ජල කඳකින් වෙන් කොට ඇති බව මන්නාරම දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපතිනි ස්ටැන්ලි ද මෙල් ප්‍රකාශ කළාය.

පවුල් පන් දහස් අට සිය හැට පහක් අනාථ සිටින අතර ඔවුන් කඳවුරු පනස් එකක රඳවා සිටින බව ඇය පැවසුවාය.

මුලතිව් දිස්ත්‍රික්කයේ අවතැන්වූ පවුල් තුන් දහස් පන්සීය පනහක් කඳවුරු හතලිහක රඳවා සිටින බව මුලතිවු දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ එච්.ඩී.සී.ප්‍රසන්න ප්‍රකාශ කළේය.

වවුනියාවේ සිට වාර්තාකරණ දිනසේන රතුගමගේ පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් හතළිස් හයක් කැඩී ගොස් ඇති බවයි.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය කලගහල යන ස්ථානයේ පුපුරා ජාල කාන්දුවකට ලක්ව ඇතැයි පොලොන්නරුව සිට වාර්තා කරන තක්ෂිලා දිල්රුක්ෂී පවසයි.

2011 වසරේදී කොන්ත්‍රාත්කරුවකු විසින් වැව් බැම්ම පස් පුරවා පිළිසකර කළ නමුත් දින දෙකක් පුරා කලගහල යන ස්ථානයෙන් ජලය කාන්දුවෙමින් තිබෙන බවයි ඇය පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.