සුළං හානි නිවාසවලට වන්දි ගෙවීමේ සීමා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 1 අඟහරුවාදා - 17:36 GMT

චණ්ඩ මාරුතයකින් හානියට පත් හබරාදුව පිටිදුව සහ ලනුමෝදර නිවාසවලට වන්දි ගෙවීම සම්බන්ධයෙන් සීමාවක් පනවා තිබීම ගම්වාසීන්ගේ නොසතුටට හේතුවී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සංදේශයට කියා සිටියේ නිවාස විසි තුනකට හානි පැමිණ ඇති බවයි. ඉන් එක් නිවසක ගොවියකු වන එන්.ඊ.කරුණාතිලක සංදේශයට පැවසුවේ රජයේ සේවකයන් මුල්කොට ගත් ඇතැම් පිරිස් වලට වන්දි ගෙවීමේ දී රජය විසින් සීමා පනවා ඇති බවයි.

වන්දි ගෙවීමට හැකියාව ඇත්තේ රජයේ සම්මත නීති රීති වලට යටත්ව පමණක් බවයි නිවාස හානියට පත් පුද්ගලයන් හමුවට ආ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි කියා සිටියේ.

චක්‍රලේඛ මගින් විශේෂයෙන්ම රජයේ සේවකයන්ට අවාසිදායක තත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අදාළ රාජ්‍ය ආයතන සමග සාකච්ජා කොට රජයේ සේවකයන්ට ආපදා ණයක් ලබාදීමට උත්සාහ කරන බවත් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි බීබීසී සංදේශය කල විමසීමකට පිළිතුරු දෙමින් තවදුරටත් පැවසුවේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.