ජනාධිපති චාවේස්ට දිවුරුම් නොදී තවත් වසර හයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 5 සෙනසුරාදා - 17:33 GMT
President Chavez

පිළිකා රෝගයෙන් පීඩා විඳින ජනාධිපති චාවේස් තවමත් කියුබාවේ ප්‍රතිකාර ලබමින් සිටියි

ජනාධිපති හියුගෝ චාවේස්ට ලබන බ්‍රහස්පතින්දා පටන් තවත් සය අවුරුදු නිල කාලයක් සඳහා පදවියේ වැඩ කටයුතු ආරම්භ කළ හැකි යයි වෙනිසියුලානු ආණ්ඩුව ප්‍රකාශ කළේය.

ජනාධිපති චාවේෂ් දිව්රුම් දීමේ අවස්ථාවට සහභාගී වීමට පවා දුෂ්කර, රෝගී තත්වයක සිටියදීයි, එවැනි නිවේදනයක් නිකුත් කෙරුනේ.

ජනාධිපතිවරයා පදවියේ දිව්රුම් දීම චාරිත්‍රයකැයි කියා සිටින උප ජනාධිපති නිකොලස් මධුරෝ එම කාර්යය පසු දිනක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි සිදු කෙරෙනු ඇතැයි ද සඳහන් කළා.

ජනාධිපති චාවේස් දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී නොවන්නේ නම්, යළි ජනාධිපතිවරණයක් කැඳවිය යුතු යයි විපක්ෂය කරන ප්‍රකාශය වෙනිසියුලානු උප ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

පිළිකා රෝගයෙන් පීඩා විඳින ජනාධිපති චාවේස් තවමත් කියුබාවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙයින් සති තුනකට පෙර ඔහු ශල්‍ය කර්මයකට භාජනය කෙරුන අතර, ඉන්පසු ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.