මසක් ඇතුලත යාපනයේ හයදෙනකු දූෂණයට ලක් වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 12 සෙනසුරාදා - 18:20 GMT

පසුගිය වසරේ ස්ත්‍රී දූෂණයට එරෙහිව පැවැති විරෝධයක්

මාසයක් ඇතුලතදී යාපනය අර්ධද්වීපයේ කාන්තාවන් තිදෙනකු සහ දැරියන් තිදෙනකු දූෂණයට ලක්වී ඇතත් ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවී ඇතැයි යාපනය කාන්තා සංවිධානයක් චෝදනා කරයි.

දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනකු සහ දැරියන් දෙදෙනකු අපරාධකරුවන් විසින් ඝාතනයට ලක් කොට ඇති බවයි යාපනය එක්සත් කාන්තා සංවිධානයේ සභාපතිනි එස්.නර්මදා ප්‍රකාශ කළේ.

ඇය පවසන්නේඑම සිද්ධීන් වලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පමණක් බවයි.

යාපනයේ සිදු වන ස්ත්‍රී දූෂණ ඉහල යාම ගැන යාපනය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා ෂිවරූබන් ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ යුද්ධයෙන් පසුව එළඹී සාම කාලයේදී යාපනයේ ස්ත්‍රී දූෂණ සැලකිය මට්ටමකින් ඉහල ගොස් ඇති බවයි.

මේ සඳහා බලප ඇති හේතු අතර ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ නීතිමය කටයුතුවල ළිහිල්භාවය සහ අපරාධකරුවන්ට අධිකරණවලදී දඩුවම් ලබා දීම සදහා විශාල කාලයක් ගතවීම යැයි වෛද්‍ය ෂිවරූබන් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.