පණ්ඩිත් අමරදේව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 13 ඉරිදා - 17:35 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මහා කවීන්ද්‍ර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය හෙළයේ මධුරතර නාද ශ්‍රීයෙන් වර්ණ ගන්වන්නේ පණ්ඩිත් අමරදේවයන්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහා කවීන්ද්‍ර ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය හෙළයේ මධුරතර නාද ශ්‍රීයෙන් වර්ණ ගන්වන්නේ පණ්ඩිත් අමරදේවයන්.

වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් 1927 දී මොරටුවෙන් මෙලොව දිනු අමරදේවයන් රසික සවන දිනන මියුරු හඬත්, සත් සරත් මෙහෙයට ගත්තේ පැටි වියේදී. පන්සලේත් පල්ලියේත් ගායන වෘන්ද බාලේදී එකවර ගායනයෙන් හැඩ කළ ඔහු ගැයුම් හා වැයුම් සඳහා ඒ සමයේ දේශීය සම්මාන ගණනාවක්ම අත් කොට ගත්තෙක්. මොහොමඩ් ගවුස් සංගීත වේදියාගේ වාදන වෘන්දයේ ප්‍රමුඛ වයලීන වාදකයා ලෙසින් තෝරා ගනු ලැබූ තරුණ සත්සර වේදියා අශෝකමාලා චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂ ද වී. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් අමරදේව යනුවෙන් නාමකරණය කොට, ඩී බී ධනපාලයන්ගේ කර්තෘත්වයෙන් පැවැති ‘ලංකාදීප’ පුවත්පත පිහිටැවූ පාඨක අරමුදලකින් පනහේ දශකය මුලදී ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨයේ හින්දුස්තානි සංගීත අධ්‍යයනයට යැවුණු තරුණ සංගීතඥයා පෙරළා පැමිණියේ හෙළ ගායනය නව නාදාවලියක රැඳවීමේ පුරෝගාමියකු ලෙසින්. අඩසිය වසක් ඉක්මවූ යුගයක සුභාවිත ගීතයේත් ව්‍යවහාරික සංගීතයේත් පෑ පෙළහර වෙනුවෙන් දෙස් විදෙස් බුහුමනින් පුද ලද පණ්ඩිත් අමරදේවයන් මේ එන්නේ සැළලිහිණි සංදේශයේ මියුරු පද සමගින්.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

බුද්ධිප්පසාදිනිය, පඤ්චිකා ප්‍රදීපය, පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය හා සැළලිහිණි සන්දේශය කතුවර ශ්‍රී රාහුල හිමියන් වැඩ විසුයේ පහළොස් වැනි සියවස පැවැති කෝට්ටේ යුගයේ තොටගමුව විජයබා පිරුවනෙහි අධිපති ලෙසින්. ගිහි කල, දෙමටාන කුමරුන් ලෙසින් හැඳින්වුණු රහල් හිමියන් කෝට්ටේ රජ කළ හයවැනි පරාක්‍රමබාහු රජු විසින් දරු කමෙහි හදා වඩා ගැනුනේ බාල වියේදී මාපියන් මිය යාමෙන් පසු . නන්නූර් තුනයාර් රාජ සභිකයා අතගත්, පැරකුම්බා රජ දු කුමරි ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට දරු සම්පත් පතා කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවුණු සංදේශයක වෙසින් ලියවුනු කාව්‍යයයි සැළලිහිණිය.

දිවි මියැසියේ අසු හය වැනි ස්වරස්ථානය පසු කරන අමරදේවයන් රහල් හිමියන්ගේ සැළලිහිණිය පිලිබඳ මතකය අවදි කළේ රත්තනදෙනියේ මේධානන්ද හිමියන් කැටුව ගිය ඥානසිරි කොත්තිගොඩ හමුවේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.