සමාජ ක්‍රියාධර තිස්ස බාලසුරිය පියතුමා ගේ අවසන් කටයුතු සෙනසුරාදා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 17 බ්‍රහස්පතින්දා - 17:48 GMT

සුප්‍රකට සමාජ ක්‍රියාධරයකු සහ දෙවධර්මාචාර්යවරයකු වූ තිස්ස බාලසුරිය පියතුමා ගේ අවසන් කටයුතු සෙනසුරාදා සවස 3.00 ට මරදානේදී සිදු කෙරෙන බව සමාජය සහ සාමයික කේන්ද්‍රය දන්වා සිටී.

තිස්ස බාලසුරිය පියතුමාගේ දර්ශනය ඉතා ප්‍රගතිශීලී එකක් විය. මේ නිසාම කතෝලික සභාවේ පාලන අධිකාරිය හා මත භේද හට ගත් අවස්ථාද තිබිණ.

උන්වහන්සේ විසින් රචිත, 'මරිය තුමිය හා මානව විමුක්තිය' යන ග්‍රන්ථය කතෝලික සභාවේ සාම්ප්‍රදායික ධර්මයට පටහැනිවීම හේතුවෙන් 1997 දී උන්වහන්සේ කතෝලික සභාවෙන් නෙරපා හරිනු ලැබු අතර පසුව 1998 දී යලිත් එම තහනම ඉවත් කර ගන්නා ලදී.

ගොවීන්, කම්කරුවන්, ධීවරයන් ඇතුළු පීඩිත ජනතාව වෙනුවෙන් ක්‍රියා කළ උන්වහන්සේ ශ්‍රී ලංකාවට ගැලපෙන විමුක්තියක් කරා වෙහෙසුණු පුද්ගලයකු බවයි කොළඹ අගරදගුරු පදවියේ කම්කරු ව්‍යාපාර පිලිබඳ උපාධ්‍ය රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේ.

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ ආරම්භකයා මෙන්ම සභාපතිවරයාද වූ තිස්ස බාලසුරිය පියතුමා ඇරඹු වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.