අගවිනිසුරු පත්වීම පුර්ණ ශ්‍රේෂ්ඨා‍ධිකරණ විනිසුරු මඩුල්ලකට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 6 බදාදා - 14:38 GMT
Mohan Pieris

අගවිනිසුරු මොහාන් පීරිස් ගේ පත්වීම නිතී විරෝධී පත්වීමක් සේ ප්‍රකාශයට පත් කරන මෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලු ශ්‍රේෂ්ඨා‍ධිකරණය පුර්ණ ශ්‍රේෂ්ඨා‍ධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කරන්නැයි අගවිනිසුරුවරයාට නිර්දේශ කිරීමට තීරණය කොට ඇත.

අගවිනිසුරු මොහාන් පීරිස් තෝරා පත් කරන විනිසුරු මඩුල්ලක් වෙතින් සාධාරණයක් අපේක්ෂා කළ නොහකි බව තර්ක කළ විකල්ප ප්‍රත්පති කේන්ද්‍රයේ නීතිවේදියා පුර්ණ ශ්‍රේෂ්ඨා‍ධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කරන්නැයි ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් රජයේ නීතිවේදියා ඉදිරිපත් කළ විරෝධය ප්‍රතික්ෂේප විය.

අචාර්ය ශිරානි බන්ඩාරනායක අගවිනිසුරු තනතුරෙන් ඉවත් කිරීම නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨා‍ධිකරණය මෙන්ම අභිආයාචනාධිකරණය තීන්දු කොට තිබියදී මොහාන් පීරිස් අගවිනිසුරු තනතුරට පත් කිරීම නිතී විරෝධී යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියා සිටී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.