මානව හිමිකම් සුරැකීමට අන්තර්ජාතික යාන්ත්‍රණයක් -සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 6 බදාදා - 16:37 GMT
 protesting disapearance

යුද්ධයේදී මිය ගිය සහ අතුරුදහන් වුවන් ගේ ගණන පිලිබඳව ආණ්ඩුව එකිනෙකට පරස්පර වූ ප්‍රකාශ කරන හෙයින් මේ
පිළිබඳව අන්තර් ජාතික යාන්ත්‍රණයක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කළේය.


බලය බෙදා රට එක්සත් කරමු සංවිධානය කැඳවූ සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ යුධ හමුදා විමර්ශන වාර්තාවකට අනුව උතුරේ යුද්ධයේදී කිසිවෙකුත් අතුරුදහන් වී නැති අතර ආණ්ඩුව විසින්ම පත් කොට ඇති උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ වාර්තාවකට අනුව යුද්ධයේදී තුන් දහසක් පමණ දෙනා අතුරුදහන් වී ඇති බවයි.


මේ තත්වය හමුවේ ආණ්ඩුව විසින් පත් කරන කො මිෂන් සභා සහ විමර්ශන ගැන විස්වාශයක් ගොඩ නගා ගැනීම අසීරු වී ඇති බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


සත්‍ය හෙළිදරව් නොවන තාක් සංහිඳියාවක් ගොඩ නැගෙන්නේ නැතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.


මානව හිමිකම් කඩවෙන අවස්ථාවන්හීදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වීමට ඉඩ තිබෙන බවත් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.