සිංහල නඩු විභාගයක් පිණිස කළ ඉල්ලීම ඉවතට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 11 සඳුදා - 13:07 GMT
A court in Vavuniya

වවුනියාවේ දෙමළ භාෂාවෙන් නඩු විභාග පැවැත්වීම නිසා තමන් බරපතල අපහසුතාවයන්ට මුහුණ පා සිටින බව පෙත්සම්කරු පවසයි

දෙමළ භාෂාවෙන් පැවැත්වෙන නඩු විභාගයක් සිංහල භාෂාව කථා කරන වෙනත් අධිකරණයකට මාරු කරන මෙන් සිංහල ජාතිකයකු කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

කොළඹ පදිංචිකරුවකු වන එන් ඒ සිරිතුංග ට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ දෙමළ භාෂාවෙන් නඩු විභාග පැවැත්වීම නිසා තමන් මෙන්ම සිය නීතිවේදීන් ද බරපතල අපහසුතාවයන්ට මුහුණ පා සිටින බව පවසමින් එම පෙත්සම ඉදිරිපත් කොට තිබිණ.

එබැවින් නඩු විභාගය කොළඹ හෝ ඒ අවට අධිකරණයකට මාරු කරන මෙන් ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වුවත්, අධිකරණය මඟින් අවශ්‍ය අවස්ථාවල භාෂා පරිවර්තකයන් ලබා දෙන බව පෙන්වා දුන් අභියාචනාධිකරණය, එම පෙත්සම ප්‍රතික්ෂේප කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.