ඒකාබද්ධ විපක්ෂයේ වැඩ පිළිවෙල එලි දැක්වේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 11 සඳුදා - 14:48 GMT
Ranil Wickramasinghe with R Sambandhan (file photo)

රටට අවශ්‍ය නව දේශපාලන මඟ පෙන්වීමක් දීමට තමන් සූදානම් බව විපක්ෂයේ විරෝධයේ නායකයෝ පවසති

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි සියලු දේශපාලන බලවේග එක් රැස් කිරීම සඳහා විපක්ෂයේ විරෝධය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගන්නා බව විපක්ෂනායක වරයා පවසයි.

විරුද්ධ පක්ෂවල දේශපාලන මති මතාන්තර කවරක් වුවත්, රටට අවශ්‍ය නව දේශපාලන මඟ පෙන්වීමක් දීමට තමන් සූදානම් බව ද ඔහු පැවසීය.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ කොළඹදී ඒ බව ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙල පිලිබඳ අවබෝධතා ගිවිසුමක් සහ මූලික අරමුණු පිලිබඳ ගිවිසුමක් අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින්.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ අටක් විපක්ෂයේ විරෝධය ට එක්වී සිටිති.

එහිදී අදහස් දැක්වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට එරෙහිව බොදු බල සේනා සංවිධානය විසින් ගෙන යන ව්‍යාපාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව එදා මෙදා තුර ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දී තිබෙන ප්‍රතිඥා ඉටු කරන මෙන් ආණ්ඩුවට බල කිරීම තම ප්‍රධාන කාර්යය බවයි, විපක්ෂනායකවරයා අවධාරණය කරන්නේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීම තම සන්ධානයේ අවසාන අරමුණ බව ද එහි නායකයෝ පවසති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.