පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ගැන ශුභවාදී බලාපොරොත්තු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 14 බ්‍රහස්පතින්දා - 18:40 GMT

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි විශ්වාසය පළකරන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මහ ලේකම් කමලේෂ් ශර්මාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමඟ මේ පිළිබඳව පැන නැඟ තිබූ මතවාදයන් තුරන්ව ශුභවාදී තත්ත්වයක් උදාවී ඇති බව පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව වෙත යොමු කොට ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත්දැයි මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ ප්‍රතිපත්තිමය වශයෙන් විදේශ බලවේග රටේ අභ්‍යන්තර ක්‍රියාකාරකම්වලට සම්බන්ධවීම පිළිනොගන්නා බවයි.

ජාත්‍යන්තර කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන අවශ්‍යතාවන් සාධාරණ නම්, එකඟවිය හැකිනම්, පවතින තත්වයන් යටතේ ඒවා උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි, ඇමතිවරයා පැවසුවේ.

ඊට ඔබ්බෙන් යන චෝදනා ඉදිරිපත්වන්නේ නම් ඒවාට මුහුණ දීමට සහ ඒවා අභියෝග ලෙස භාර ගැනීමට සහ පිළිතුරු සැපයීමට රජය සූදානම් බවත් කෙහෙලිය රඹුක්වැල්ල අමතිවරයා ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.