මුස්ලිම්වරුන්ට පමණක් හලාල් සහතික නිකුත් කිරීම 'ප්‍රායෝගික නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 22 සිකුරාදා - 14:31 GMT
Buddhist monks Bodu Bala Sena activists (file photo)

එකම කර්මාන්ත ශාලාවක හලාල් සහ හලාල් නොවන භාණ්ඩ වර්ග දෙකම නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති බව ජාතික හෙළ උරුමය පවසයි

මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් හලාල් සහතික සහිත ආහාර නිපදවීමට පියවර ගන්නැයි වෙළෙඳ සමාගම් වලින් ඉල්ලා සිටීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ගෙන ඇති තීරණය ප්‍රායෝගික ක්‍රියාදාමයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ආහාර සඳහා හලාල් සහතික නිකුත් කිරීමේ ක්‍රියාදාමය නවතා දැමිය නොහැකි බවට ජමියතුල් උලමා සභාව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

විශේෂයෙන්ම උලමා සභාවේ විධිවිධාන පරිදි, එකම කර්මාන්ත ශාලාවක හලාල් සහ හලාල් නොවන භාණ්ඩ වර්ග දෙකම නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති බවයි තාක්ෂණ කටයුතු සහ පරමාණුක බලශක්තිය පිලිබඳ අමාත්‍යවරයා පවසන්නේ.

ඇතැම් පිරිස් හලාල් සහතිකය පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කරමින් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර පවතින සුහදතාව පලුදු කිරීමට උත්සාහ දරන බව හලාල් සහතික නිකුත් කිරීමේ ලේකම් මුර්සිඩ් මුලාෆර් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

හලාල් ක්‍රමය නවතා දමන ලෙස බොදු බල සේනා සංවිධානය කරන ඉල්ලීමට එකගවිය නොහැකි බවද මුර්සිඩ් මුලාෆර් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් මතු වී තිබෙන අර්බුදය නිරාකරණය කිරීමේ හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකන්ට පමණක් බව අමාත්‍ය චම්පික රණවක අවධාරණය කරයි.

හලාල් නිෂ්පාදන භාවිතා කිරීම තම ආගමික වගකීමක් බවත් මුස්ලිම් ජනතාවට තම ආගම අනුගමනය කිරීමට මානව අයිතියක් ඇති බවයි සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ප්‍රකාශ කරන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.