මන්ත්‍රී දුමින්ද සිල්වා නවලෝක රෝහලේ දී අත්අඩංගුවට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 5 අඟහරුවාදා - 15:35 GMT
Duminda Silva

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නවලෝක රෝහලේ ප්‍ර ති කාර කෙරෙන අතරතුරදීම රිමාන්ඩ් භාරයට පත් කොට තබේ.

සිංගප්පූරුවේ සිට ශ්‍රීලංකාවට පැමිනි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සැත්කම් කිහිපයකට ලක්වූ දුමින්ද සිල්වා දුවිලි සහිත ස්ථානයක රඳවා තැබීම නුසුදුසු හෙයින් නවලෝක රෝහලේ නතර වී සිටීමට ඔහුගේ නීති වේදීන් කළ ඉල්ලීමකට අධිකරණය ඉඩ ලබා දුන්නේය.

ප්‍රේමචන්ද්‍ර මහතා ගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදීන්ට කියා සිටියේ දුමින්ද සිල්වා පැමිණෙන තුරු තමන් බලා සිටි බවයි "මෙතෙක් කාලයක් නඩුවට ආවේ අපේ පාර්ශවයෙන් විතරයි,දැන් තමයි සටන පටන් ගන්නේ" යැයි ඇය පැවසුවාය.

මෙම නඩු විභාගය මාර්තු 13 වෙනිදා කැඳවීමට නියමිතය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.