සුළු සිදුවීම් අධිකරණයට එපා - අගවිනිසුරු පොලොන්නරුවේදී

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 5 අඟහරුවාදා - 17:21 GMT
mohan pieris

මානව හිමිකම් උල්ලංඝනය කැරුණු බවට චෝදනා කරමින් සුළු සිදුවීම් පවා අධිකරණය හමුවට ගෙන එන බවට අගවිනිසුරු මොහාන් පීරිස් කියා සිටියේය .

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව අධිකරණයක් විවෘත කරමින් නව අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ ඉතා සුළු දේ පවා අධිකරණයට ගෙන ඒමේ සිරිතක් ඇතිවී තිබෙන බවයි.

" ළමයි දෙන්නෙක් කොහේ හරි සන්ඩුවක් වුනොත් ඒකත් අධිකරණයට ගෙනි යන්නයි ලැහැස්ති වෙලා ඉන්නේ. අපේ නීතිඥ මහත්වරුත් ලැහැස්තිවෙලා ඉන්නේ මේ වගේ සුළු දේවල් අධිකරණයට ඉදිරිපත් කරලා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නයි, " යැයි අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමති මෛයිත්‍රීපාල සිරිසේන සහ අධිකරණ ඇමති රවූෆ් හකීම් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.