උලමා ව්‍යාපාරය 'මුළු රටම බෙදනවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 12 අඟහරුවාදා - 15:17 GMT
Anti-halal activists in Sri Lanka (file photo)

හලාල් සහතිකය හඳුන්වා දුනා සේම එය ඉවත් කර ගැනීමට ද උලමා සභාව කටයුතු කළ යුතු බව බොදු බල සේනා ව්‍යාපාරය පවසයි

පාරිභෝගික නිෂ්පාදනවලට හලාල් සහතික නිකුත් කිරීම ඇතුළු සම්පූර්ණ හලාල් ක්‍රියාදාමය වහාම නතර කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය මෙන්ම බොදු බල සේනා ව්‍යාපාරයද අනතුරු අඟවා සිටිති.

කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ තාක්ෂණ සහ පරමාණුක බලශක්ති පිලිබඳ අමාත්‍ය චම්පික රණවක හලාල් සහතික නිකුත් කරන ජමියතුල් උලමා සංවිධානය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සමාජය බෙදා වෙන් කරන ව්‍යාපාරයක් ලෙසින්.

හලාල් සහතික නිකුත් කිරීම ක්‍රියාදාමය සහමුලින්ම නතර නොකළ හොත් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේද වර්ගවාදී සමාජයක් ඔහු විග්‍රහ කරන වාතාවරණයක් බිහිවනු ඇතැයිද ඇමතිවරයා පවසයි.

සංහිඳියාව වෙනුවෙන්

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාදාමය ඉවත් කර ගන්නා බව උලමා සභාව සඳුදා නිවේදනය කළේය.

එයට ප්‍රතිචාරය දක්වන බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කළේ, හලාල් සහතිකය හඳුන්වා දුනා සේම එය ඉවත් කර ගැනීමට ද උලමා සභාව කටයුතු කළ යුතු බවයි.

කොළඹ පැවති වෙනත් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ ඥානසාර හිමියෝ, ලාංඡනය පමණක් නොව සමස්ත හලාල් ක්‍රියාදාමයම ඉවත් කර ගත යුතු බව අවධාරණය කරති.

උලමා ව්‍යාපාරයේ "ශ්‍රී ලංකාව බෙදන ව්‍යාපාරය" පරාජය කරන මෙන් මුස්ලිම් ජනතාවගෙන්ද ඉල්ලා සිටින බව චම්පික රණවක අමාත්‍යවරයා මේ අතර ප්‍රකාශ කරයි.

කෙසේ වුවත් දෙපාර්ශවය අතර සඳුදා ඇතිකරගත් එකඟත්වය කිසිදු පාර්ශවයක ජයක් හෝ පරාජයක් නොව "රටේ ජයග්‍රහණයක්" බවයි, ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අවධාරණය කරන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.