මුස්ලිම් ජනතාවට එරෙහිව 'සංවිධානාත්මක ප්‍රහාර නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 18 සඳුදා - 11:58 GMT
A burnt mosque in eastern Sri Lanka

මුස්ලිම් පල්ලිවලට එල්ල වන ප්‍රහාර ආණ්ඩුව අනුමත නොකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට සංවිධානාත්මකව ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බවට නැගෙන චෝදනා ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවේ එවැනි වාතාවරණයක් පවතින බව පෙන්වා දීමට ජිනීවා නුවරදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ කළ බව පවසන වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ ශ්‍රී ලංකාවේ "මුස්ලිම් ප්‍රශ්නයක්" නොමැති බවත්, සිදුවෙමින් තිබෙන්නේ ඇතැම් "අන්තවාදී කණ්ඩායම්වල" අදහස් ප්‍රකාශ කිරීමක් පමණක් බව ද සඳහන් කරයි.

මානව හිමිකම් සම්බන්ධ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතවරයා ඒ බව ප්‍රකාශ කලේ ජිනීවා නුවර සිට බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මුස්ලිම් පල්ලිවලට එල්ල වන ප්‍රහාර ආණ්ඩුව අනුමත නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

'අන්තවාදී කණ්ඩායම්'

බොදු බල සේනා උද්ඝෝෂණවලට 'ආණ්ඩුවේ අනුමැතිය නෑ'

ත්‍රිකුණාමල ශිෂ්‍ය ඝාතන පිලිබඳ පරීක්ෂණවල ප්‍රගතිය ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම්දෙන බව ආණ්ඩුව කියයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

"ලංකාවෙත් ඒ වගේ අන්තවාදී අය ඉන්නවා. හැබැයි රජය ඒ අයට අනුබල දෙන්නේ නැහැයි කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි," ඔහු පැවසීය.

බොදු බල සේනා ව්‍යාපාරය විසින් දියත් කොට තිබෙන හලාල් සහතිකවලට එරෙහි උද්ඝෝෂණය ආණ්ඩුවේ අනුමැතිය හිමි නොවන බව ද අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේය.

ත්‍රිකුණාමලයේ දෙමල ශිෂ්‍යයන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එස් ටී එෆ් භටයන් 14 දෙනෙක් අත් අඩංගුවේ පසු වූ බව පවසන අමාත්‍යවරයා, ඔවුන්ට එරෙහිව සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මාස හයකට පසුව සැකකරුවන් පිරිස මුදා හැරුණු බව ද සඳහන් කරයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව නඩු ගණනාවක් විභාග කොට ඔහු බන්ධනාගාරගත කිරීමට සහ දෝෂාභියෝග ක්‍රියාදාමයක් මඟින් සති ගණනක් ඇතුලත අගවිනිසුරුවරිය පදවියෙන් පහ කළ ආණ්ඩුවට ත්‍රිකුණාමලයේ ශිෂ්‍ය ඝාතනය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මෙතරම් කලක් ගත වන්නේ මන්දැයි විමසූ අවස්ථාවේයි, ඔහු ඒ බව කියා සිටියේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.