ඉදිකිරීම් පිණිස ණය ලබාගැනීමට සිදුවෙනවා - ජනාධිපති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 18 සඳුදා - 14:11 GMT
The opening ceremon of Mattala international airport

ඇමරිකානු ඩොලර් කෝටි 21 ක වියදමින් හෙක්ටයාර් 800 ක භුමි භාගයක් වසා ඉදි කොට ඇති ගුවන් තොටුපොල සඳහා ණය ලබාදී ඇත්තේ චීනයයි

රටේ ඉදිකිරීම් කටයුතු සඳහා ණය ලබාගන්නට මැළි නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල, මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල විවෘත කරමින්.

ඇමරිකානු ඩොලර් කෝටි 21 ක වියදමින් හෙක්ටයාර් 800 ක භුමි භාගයක් වසා ඉදි කොට ඇති ගුවන් තොටුපොල සඳහා ණය ලබාදී ඇත්තේ චීනයයි.

සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේදී දේශීය වශයෙන් මූල්‍ය සම්පත් උපයෝගී කර ගන්නා අතර, විදේශ ආධාර කෙරෙහිද බලාපොරොත්තු තැබීමට සිදු වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව "ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ" අරමුණින් දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කෙරුණු මාර්තු 18 ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා දිනය ලෙසින් ප්‍රකාශයට පත්කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපොළට ලඟාවෙමින් එහි ගොඩ බට පළමු මඟියා බවට පත් වූ අතර ඉන් අනතුරුව උත්සවය පැවැත්වෙන අතරවාරයේ ඩුබායි සහ සාජා සිට තවත් ගුවන් යානා තුනක්ද එහි ලඟාවිය.

කර්කශ දේශගුණයකට මුහුණ දෙමින් සිය ජීවිතය සමඟ සටන් වදින ජනතාවක් වෙසෙන හම්බන්තොට වැනි ප්‍රදේශයක ගුවන් තොටුපොල ඉදිකිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙය චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතාත්මක චීන ජනතා දේශපාලන උපදේශණ සම්මේලනයේ උප සභාපති ලෝ ෆූ හී උත්සව සභාව අමතමින් කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.