ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මතයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 21 බ්‍රහස්පතින්දා - 13:31 GMT

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ශ්‍රී ලංකාවට පිළිබඳ මානව හිමිකම් යෝජනාව මගින් ,එය ඉදිරිපත් කළ රටවල දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය වන්නේ යයි ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායමේ නායක මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පවසයි.

ජිනීවා නුවර සිට සංදේශය හා එක්වෙමින් ඡන්ද ප්‍රතිපලය පිළිබඳව රජයේ ප්‍රතිචාරය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ සමරසිංහ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ, බටහිර රටවල ආණ්ඩු බලයේ රැදී සිටීමේ අරමුණින්, විදේශගත දෙමළ ප්‍රජාවගේ ඡන්ද ලබාගැනීම සඳහා එවැනි යෝජනා ගෙන එන බවයි.

"විදේශගත දෙමල ප්‍රජාවගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් මෙවැනි යෝජනා ගෙන එනවා"

අමෙරිකාව විසින් ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී වැඩි ඡන්ද දොළහකින් සම්මත වූ අතර, ඒ අනුව ඊට පක්ෂව ඡන්ද විසි පහක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද දහතුනකි.

රටවල් අටක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකුණි .

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.