එක්සත් ජාතීන්ගේ යෝජනාව ආණ්ඩුවේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් - ජවිපෙ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 22 සිකුරාදා - 10:38 GMT
Anura Kumara Disanayake, MP

එ ජා සංවිධානය හෝ මානව හිමිකම් මණ්ඩලය සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතන යයි පිළිනොගන්නා බව ජවිපෙ අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කිරීම අහඹු සිදුවීමක් නොව ගතව ගිය වසර කිහිපය ඇතුලත ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා කලාපයේම අතුරු ප්‍රතිඵලයක් බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඒ බව පැවසුවේ මානව හිමිකම් මණ්ඩලය විසින් වැඩි ඡන්ද 12 කින් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී.

යුද්ධය අවසාන වීමෙන් අනතුරුව රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීම ආණ්ඩුවේ විසින් කළ යුතුව තිබූ දේ බව පවසන ජවිපෙ, ඒ වෙනුවට ආණ්ඩුව සිදු කළේ "පවුලේ බලය" තහවුරු කර ගැනීමක් පමණක් බවද පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ මානව හිමිකම් මණ්ඩලය සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතන යයි තම පක්ෂය පිළිනොගන්නා බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, එම ආයතන විසින් සිදුකරමින් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතා බවත් සංදේශයට කියා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.