මැණික් අධිකාරියේ අක්‍රමිකතා නිසා 'මහා පරිමාණ පාඩුවක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 25 සඳුදා - 13:42 GMT
Gem mining

මැණික් සංස්ථාවේ නිසියාකාර නියාමනයක් නොමැති කමින් පාරිසරික හා සෞඛ්‍ය හානිද සිදුවන බව ද දූෂණ විරෝධී සන්ධානය පවසයි

රජයට අනුබද්ධ ආයතන කිහිපයක අක්‍රමිකතා හේතුවෙන් රජයට මහා පරිමාණ පාඩුවක් සිදුවී ඇති බව පාලක පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතියක් චෝදනා කරයි.

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මෙන්ම රත්නපුර මැණික් සහ ස්වර්ණාභරණ ආයතනයේ සිදුවන අක්‍රමිකතා හේතුවෙන් මෙම පාඩුව සිදුවී ඇති බවයි එම සමිතිය පවසන්නේ.

දූෂණ විරෝධී සන්ධානය විසින් සංවිධානය කොට තිබුණු මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය රත්නපුර මැණික් සහ ස්වර්ණාභරණ ආයතනය රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට මිලදී ගත් භූ විදුම් යන්ත්‍රය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිරාපත් වීමට ඉඩ හැර තිබෙන බවට චෝදනා කළේය.

2007 වසරේ ඉන්දියාවෙන් මිලදී ගනු එම යන්ත්‍රය, බුත්තල ප්‍රදේශයේ මැණික් කැනීම් සඳහා යොදා ගත නොහැකිව අත් හැර දමා තිබෙන බවයි, සමිතියේ භාණ්ඩාගාරික බුද්ධික ගුණරත්න මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

එම මූල්‍යමය පාඩුවට අමතරව රාජ්‍ය මැණික් සංස්ථාවේ නිසියාකාර නියාමනයක් නොමැති කමින් පාරිසරික හා සෞඛ්‍ය හානිද සිදුවන බව ද දූෂණ විරෝධී සන්ධානය පවසයි.

එම සන්ධානයේ තිලක් කාරියවසම් අදහස් දක්වමින් කියා සිටියේ කුරුවිට ප්‍රදේශයේ පතල් කැනීම ප්‍රදේශයේ ඩෙංගු වසංගතය පැතිරී යාමටද හේතු වී තිබෙන අතර, එය ලග්ගල ප්‍රදේශයේ වන සතුන්ට හානිකර වාතාවරණයක් උදා කොට ඇති බවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.