චීනය රුසියාවෙන් ප්‍රහාරක යානා මිලට ගනියි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 25 සඳුදා - 13:51 GMT
SU35 fighter jets

දශක ගණනාවකට පසු චීනය රුසියාවෙන් මහා පරිමාණයෙන් යුද්ධායුධ මිලදී ගන්නා පළමු අවස්ථාව මෙයයි

රුසියාවෙන් ප්‍රහාරක ගුවන් යානා විසි හතරක් සහ සබ්මැරීන හතරක් මිලදී ගැනීමට චීනය ගිවිස ගෙන ඇතැයි චීන රුපවාහිනී සේවය නිවේදනය කළේය.

දශක ගණනාවකට පසු චීනය රුසියාවෙන් මහා පරිමාණයෙන් යුද්ධායුධ මිලදී ගන්නා පළමු අවස්ථාව මෙයයි.

රුසියාවෙන් ඇනවුම් කර ඇති සබ්මැරීන හතරෙන් දෙකක් රුසියාවේ නිපදවීමටත් ඉතිරි දෙක චීනයේ නිෂ්පාදනය කිරීමටත් නියමිතයි.

හමුදාමය සහයෝගිතාව වර්ධනය කරගනිමින් සිටින චීනය සහ රුසියාව මෙම ගිවිසුම අත්සන් කලේ චීන ජනාධිපති ෂි ජින්පින් ගේ රුසියානු නිල සංචාරයට පෙර බවයි වාර්තා වන්නේ.

ගෝලීයව පැතිර පවත්නා ඇමෙරිකානු ආධිපත්‍ය තුලනය කිරීමේ අදහසින් මොස්කව් සහ බෙයිජිං පාලන කටයුතු කරන බව විචාරකයෝ පවසති.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.