දකුණු ඉන්දියාවට සංචාරක තහනමක් පැනවීමට ජාතික හෙළ උරුමයෙන් යෝජනාවක්

jhu

දකුණු ඉන්දියාව ශ්‍රී ලාංකිකයින්ට අනාරක්ෂිත ප්‍රදේශයක් වී ඇති හෙයින් සංචාරක තහනමක් පැනවීමට කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමය විසින් ආණ්ඩුවට යෝජනා කොට තිබේ.

ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත ස්වාමින්වන්සේ කියා සිටියේ තමිල්නාඩු දේශපාලඥයින් ජාත්‍යාන්තර සම්මුතීන් නොතකා ශ්‍රී ලාංකාවට එරෙහිව ජාතිවාදී සහ අන්තවාදී ලෙස කටයුතු කරමින් සිටින බවයි.

අයි .පී .එල් ක්‍රිකට් තරඟා වලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට තහනමක් පැනවීම සහ කච්තීවූ දුපත් යළි ඉල්ලා සිටීම ජාත්‍යාන්තර සම්මුතීන් වලට එරෙහිව යෑමක් ලෙස ඕමල්පේ සෝභිත ස්වාමින්වන්සේ පෙන්වා දුන්හ.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නිහඩව සිටීම පිළිගත නොහැකි බව ඕමල්පේ සෝභිත ස්වාමින්වන්සේ ප්‍රකාශ කළහ.

"දන්නා තරමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දීය මහා කොමසාරිස් වරයා කැඳවා විරෝධය පළ කොට නැහැ " යැයි ඕමල්පේ සෝභිත ස්වාමින්වන්සේ ප්‍රකාශ කළහ.