තලෙයිමන්නාරම සහ රාමේශ්වරම අතර නැවු සේවාව යලිත්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ කටයුතු පිලිබඳ ලේකම් ආර් එස් රාගවන්
Image caption ආර්ථික සහ කෘෂිකර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් ද ඉන්දියාව ආධාර කරන බව ලේකම්වරයා පැවසීය

ඉන්දියාවේ රාමේශ්වරම සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර ෆෙරි සේවාව යලිත් වරක් ආරම්භ කිරීමට දෙපාර්ශවයේම අනුමැතිය පළ වී ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.

කිලිනොච්චියේදී මාධ්‍යවේදීන් ඇමතූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ කටයුතු පිලිබඳ ලේකම් ආර් එස් රාගවන්, ඉදිරි මාස දෙක ඇතුලත මෙම නැවු සේවාව ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

යුද්ධයෙන් විපතට කිලිනොච්චියේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් 1230 දෙනකුට රුපියල් කෝටි 50 ක මුදලක් අආධාර වශයෙන් ලබා දීම පිණිසයි, ඔහු කිලිනොච්චියට පැමිණ සිටියේ.

නිවාස අහිමිවූවන්ට නිවාස ලබාදෙන අතරවාරයේ ඔවුන්ගේ ආර්ථික සහ කෘෂිකර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් ද ඉන්දියාව ආධාර කරන බව ආර් එස් රාගවන් ලේකම්වරයා පැවසීය.

තලෙයිමන්නාරම සහ පලෙයි දක්වා දුම්රිය මාර්ග ඉදිකිරීමට අමතරව උතුරේ තල් ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම පිණිස කර්මාන්ත ශාලාවක් ඉන්දීය ආධාර මගින් ඉදි කෙරෙන බව ද ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර