උපවාස කරන ශ්‍රී ලාංකික අනාථයන් නිදහස් කරන්න බෑ - ඕස්ට්‍රේලියාව

Asylum seekers on hunger strike
Image caption දේශපාලන රැකවරණ පැතූවන් මෙසේ රඳවාගෙන සිටීම අනාථයන් සම්බන්ධ දෙමළ මණ්ඩලය විග්‍රහ කරන්නේ "ඕස්ට්‍රේලියාවේ ගුවන්තනාමෝ කඳවුර" ලෙසින්

සතියකට අධික කාලයක් උපවාසයක යෙදී සිටින ශ්‍රී ලාංකික දේශපාලන අනාථයන් රැඳවුම් කඳවුරුවලින් නිදහස් කෙරෙන දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම ඕස්ට්‍රේලියාවේ අගමැතිනි ජූලියා ගිලාර්ඩ් ප්‍රතික්ෂේප කරන්නීය.

අගමැතිවරිය ඒ බව ප්‍රකාශකළේ ඔවුන් කඳවුරුවලින් නිදහස් කොට සමාජගත කළ නොහැකි දැයි ඒබීසී ගුවන් විදුලිය ඇයගෙන් ප්‍රශ්ණ කළ අවස්ථාවේදී.

උපවාස කළත්, නොකළත් ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කෙරෙන තුරු රැකවරණ ලැබූ අනාථයන් රැඳවුම් කඳවුරුවලින් නිදහස් කළ නොහැකි බවයි අගමැතිවරිය කියා සිටියේ.

වසර තුනකට අධික කාලයක් තමන් රැඳවුම් කඳවුරුවල රඳවාගෙන සිටීමට එරෙහිව ශ්‍රී ලාංකිකයන් 27 දෙනකු උපවාසයේ යෙදී සිටින අතර, අගමැතිවරියගේ එම දැඩි ස්ථාවරය අනාථයන් සම්බන්ධ දෙමළ මණ්ඩලයේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

ආරක්ෂක හේතු මත බව පවසමින් දේශපාලන රැකවරණ ලැබූ අනාථයන් වසර ගණනාවක් මෙසේ රඳවාගෙන සිටීම එම මණ්ඩලයේ ප්‍රකාශක ආරන් මයිල්වාගනම් විග්‍රහ කළේ "ඕස්ට්‍රේලියාවේ ගුවන්තනාමෝ කඳවුර" ලෙසින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර