බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් අවසන් ගමන් යයි

tatcher

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් ගේ අවමගුල් උළෙල ලන්ඩනයේ ශාන්ත පාවුළු දේවස්ථානයේ දී සිදු කෙරිණ.

එලිසබෙත් රැජිනද මෙම අවස්ථාවට සහභාගී වුවාය.

බ්‍රිතාන්‍යය ජාතික කොඩියෙන් ආවරණය කොට තිබු දෙණ ලන්ඩනයේ වීදි ඔස්සේ ගෙන යද්දී බොහෝ දෙනා ඊට අචාර කළ අතර ටික දෙනෙක් අවමගුල් පෙරහැරට පිටුපා තම විරෝධය පල කළහ.

අගමැති ඩේවීඩ් කැමරන් කියා සිටියේ විශිෂ්ට ගණයේ නායිකාවකට සරිලන ලෙසින් අවමගුල් උළෙල පැවති බවයි.

මාග්‍රට් තැචර් මිය යන විට අසු හත් වෙනි වියේ පසු වුවාය.