දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇප මත නිදහස්

Image caption හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මුල්ලේරියාවේදී ඝාතනය කෙරිණ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නවලෝක රෝහලේ රිමාන්ඩ් භාරයේ පසුවූ දුමින්ද සිල්වා මන්තීවරයා කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කෙරේ.

සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත්කරමින් ඔහුගේ නීතිඥවරයා පැවසුවේ සිය සේවා දායකයාගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයා අප මත නිදහස් කරන ලෙසයි.

ඊට විරෝධතා නොදැක්වූ නීතිපතිවරයා එම ඉලීමට තමන් එකඟත්වය පල කරන බව අධිකරණය හමුවේ පැවසුවේය.

ඒ අනුව, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා රුපියල් 50,000 ක මුදල් ඇප මත සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කෙරිණ.

ඒ හැරුන විට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාගේ ගමන් බල පත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් කොන්දේසි පනවා තිබේ.