පොදු රාජ්‍ය නායක සමුළුවට කැනඩාවේ අප්‍රසාදය, ඕස්ට්‍රේලියාවේ සහය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එය පිළිකුල දනවන ක්‍රියාවක් බව කැනඩාවේ විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් (John Baird) ප්‍රකාශ කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම අතින් ශ්‍රී ලංකාව අසමත් වී සිටින බවයි ඔහු කියා සිටියේ.

දෙමළ ජනතාව හා සංහිඳියාව ගොඩ නැගීම අතින්ද ප්‍රමාණවත් ප්‍රගතියක් ශ්‍රී ලංකාව පෙන්නුම් කොට නැතැයි කැනඩාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාවට තවමත් හිරිහැර සිදුවන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය පල කළ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මෙම චෝදනා කුණු බක්කියට විසි කල යුතු බවයි.

මේ අතර වාරයේ තමන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුලුවට සහභාගී වන බව ඕස්ට්‍රේලියානු විදේශ ඇමති බොබ් කා විසින් ප්‍රකාශ කොට ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර