මැලේසියානු ඡන්ද ප්‍රතිඵලය 'මහම ප්‍රෝඩාවක්'

Image caption විපක්ෂයේ ආධාරකරුවෝ

ඉරිදා පැවැත්වුන මැලේසියානු මහමැතිවරණයේදී සිදු කෙරුණ ඡන්ද ප්‍රෝඩාවන්ට එරෙහිව හඬ නගන මෙන් විපක්ෂ නායක අන්වර් ඉබ්රාහිම් මහජනයාගෙන් ඉල්ලා සිටියේය.

මෙවර මැලේසියානු මහමැතිවරණයෙන් යළි බලය අත්පත් කර ගැනීමට පාලක සන්ධානය සමත් විය.

ඡන්ද කොට්ඨාශ තිහකට අධික සංඛ්‍යාවක මැතිවරණ වංචා සිදු වී ඇති බවට සාක්ෂි ඇතැයි පවසන විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම්, මැතිවරණ කොමිසමත් එම දූෂණ වලට හවුල් බව කියා සිටියේය.

මේ අතර මැලේසියාවේ බලයේ සිටින අගමැති නජිබ් රෂාක්, සිය දෙවැනි නිල කාලය සඳහා පදවියේ දිවුරුම් දෙන දුන්නේය.

චීන සුළුතරයෙන් විශාල කොටසක් විපක්ෂයට ඡන්දය දුන් බව කියාසිටී අගමැති රෂාක්, මැලේසියානු සමාජය ඉතාම කණ ගාටුදායක මට්ටමින් බෙදී යාමේ තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ මැලේසියානු අගමැතිවරයා, ජාතික සංහිඳියාවක් වෙනුවෙන් ඉල්ලීමක් ද කරන ලදී.