නවාස් ෂරීෆ් පාකිස්තානයේ අලුත් ආණ්ඩුව පිහිටුවීමට සැරසෙයි

Navaz Sharif
Image caption ළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා නවාස් ශරීෆ් ගේ පක්ෂය පැහැදිලි ජයක් ලබා ඇති බව නිල නොවන වාර්තාවල දැක්වේ

සෙනසුරාදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු සාකච්ඡා කර ගැනීම සඳහා පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායක නවාස් ශරීෆ් සිය සගයන් රැස්වීමකට කැඳවා තිබේ.

නිළ නොවන ප්‍රතිඵල වලට අනුව මීළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා නවාස් ශරීෆ් ගේ පක්ෂය පැහැදිලි ජයක් ලබා ඇති බව වාර්තා වී ඇති නමුත් සමහර විට සුළු පක්ෂවල සහාය පැතීමට සිදුවිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

මීට පෙර දෙවතාවක්ම අගමැති පදවිය හොබවා ඇති නවාස් ශරීෆ් කියා සිටියේ පාකිස්තානයට වෙනසක් ගෙන ඒම සඳහා තම පක්ෂයට ඇති හැකියාව පිළිබඳව ජනතාව විශ්වාසය තබා ඇති බවයි.

මීළඟ විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් තේරී පත් වනු ඇති බව විශ්වාස කෙරේ.

පාකිස්තාන ඡන්ද දායකයන්ට සුබ පතමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ මැතිවරණයේදී ඡන්ද වංචා සිදුවූ බවයි.

නමුත් එය 'සාපේක්ෂ වශයෙන් සාධාරණ මැතිවරණයක්' බව පාකිස්තානයේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.